71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

independence day 2019

1948 ‌පෙබරවාරි 04 වන දින ශ්‍රීී ලංකාද්වීපයට නිදහස ලැබී උදාවූ 71 වන නිදහස් දිනය සැමරීම ‌‌‌වෙනුවෙන් ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව සංවිධානය කළ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික දින සැමරුම් උළෙල අභිමානවත් අයුරින් මහවිලච්චිය ප්‍රාදේශීය ‌‌ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019.02.04 දින මහවිලච්චිය ප්‍රාදේශීයය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ‌‌‌‌ලේකම්තුමන් විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව ජාතික ගීය ගායනා කරමින් ජාතික උපහාරය පුදකොට විනාඩි 02 ක නිශ්ශබ්දතාවයකින් නිදහස් සටනේ විරුවන්ට උපහාර පිරිනැමීම සිදුවිය.

ඉන්පසුව මහවිලච්චිය ප්‍රාදේශීය ‌‌ලේකම්තුමන් විසින් කාර්යය මණ්ඩලයේ නිලධාරින් අමතමින් රාජ්‍ය නිලධාරින් වශයෙන් සියළුදෙනාම තම රාජකාරිය නිවැරදිව හා කැපවීමෙන් ඉටුකළ යුතු බවත් ශ්‍රී ලංකාව තුල තිරසර සංවර්ධනයක් ඇති කරලීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී. අවසාන වශයෙන් කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානයක් පවත්වා 71 වන නිදහස් සමරුව සනිටුහන් කරන ලදී.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top