ප්‍රාදේශීය සංස්කෘතික උත්සවය - 2019

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සංස්කෘතික උත්සවය මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2019.11.22 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී සංගීතවේදී උපාලි ජයලත් මහතාගේ සහ කාන්ති කුරේරා මහත්මියගේ සහභාගීත්වයෙන් කාර්යය මණ්ඩලයේ නිලධාරින් සඳහා ගී රසවින්දන වැඩසටහනක් ද පැවැත්විණි.















