2019 වසර - රාජකාරි කටයුතු ඇරඹීම

commencing duties 2019 2මහවිලච්චය ප්‍රාදේශීය මහලේකම් කර්යාලයේ 2019 වසර සඳහා නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය පිරිත් සජ්ජායනා කිරීමෙන් හා ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව 2019.01.01 දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී ආරම්භ කරන ලදී.ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම සිදුකළ අතර , පසුව සියළු කාර්යය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම සිදු කළහ.

අනතුරුව , ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනයක් ළගා කරගැනීමේ වැඩපිළිවෙල සඳහා කාර්යය මණ්ඩලයේ සෑම දෙනාගේම දායකත්වය අවංකව, අප්‍රමාදව සහ දැඩි කැපවීමකින් යුතුව ලබාදීමේ අවශ්‍යතාවය තේමා කරගත් කෙටි දේශනයක් ප්‍රාදේශීය ‌ලේකම් තුමා විසින් සිදුකරන ලදී.

 

දැය නැගූ පරපුරක නර්තන පෙළහර - 2018

dayanagu parapura 2018උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක වැඩිහිටි බල මණ්ඩල ඒකරාශී කරගනිමින් සංවිධානය කර 2018.11.27 දින අනුරාධපුර යොවුන් නිකේතන රංග ශාලාවේදී පැවැත්වූ "දැය නැගූ පරපුරක නර්තන පෙළහර - 2018" නර්තන තරගයේදී මහවිලච්චිය ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ නර්තන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී..

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ ඉදිකල ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට

ro1මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රය තුල ඉදිකල ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති හිටපු අමාත්‍ය ඩබ්.බී. ඒකනායක මහතා අතින් 2018.10.23 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලයක් තිස්සේ පවතින වකුගඩු රෝගය මැඩලීම සඳහා වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිදුකරනු ලබන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමේ මෙම උතුම් ප්‍රජා සත්කාරය 2015 වසරේ දී ආරම්භ කරන ලදී.

මහවිලච්චිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි ගරුතර පේමඩුවේ සුමංගල ස්වාමින්වහන්සේ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතා, නාවික හමුදාවේ ලුතිනන් හේරත් මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්යය මණ්ඩලය හා ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට සහභාගි විය.

    

      

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top