ධර්ම දේශණා වැඩසටහන - 'ත්‍රිපිටකාභිවන්දනා සතිය'
office programme11

ත්‍රිපිටකාභිවන්දනා සතියේ සත්වන දිනය සනිටුහන් කරමින් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 22 වන අද දින ධර්ම දේශණා වැඩසටහනක් මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී සංවිධානය කරන ලදී. එහිදී අනුරාධපුර මිරිසවැටිය ‍‍චෛ‍ත්‍යාරාමාධිකාරි ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුනාවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශණාව පවත්වන ලදී. 

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය හා ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, එහිදී රාජ්‍ය නිලධාරින් සඳහා වූ ත්‍රිපිටකාභිවන්දනා ප්‍රතිඥාව කියවීමද ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පැවැත්වූ ථෙරවාදී ත්‍රිපිටකය පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය
tripitaka day6 02

ත්‍රිපිටකාභිවන්දනා සතියේ හයවන දිනය සනිටුහන් කරමින් 2019.03.21 වන අද දින ථෙරවාදී ත්‍රිපිටකය පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පේමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මහවිලච්චිය  ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලය,කොට්ඨාසයේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් ,දහම් පාසල් ප්‍රධානාචාර්යවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසී  එකමුතුවෙන්  මෙම සම්මන්ත්‍රණ වැඩමුළුව සංවිධානය කලහ. 

එහිදී, ත්‍රිපිටකය පිළිබඳ දේශනාව පැවැත්වීම සඳහා පේමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි සෙනරත් ඒකනායක මයා සම්පත් දායක වශයෙන් සහභාගිවන ලදි.

'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පැවැත්වූ පෙහොය දින වැඩසටහන්
poya day programme2

ත්‍රිපිටකාභිවන්දනා සතියේ පස්වන දිනය සනිටුහන් කරමින් 2019.03.20 වන අද දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයේ සියළුම විහාරස්ථාන පදනම් කරගෙන පොහොය දින ආගමික වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදී. 

එහිදි, සිල් සමාදන් වූ 500 කට අධික උපාසක උපාසිකාවන් සඳහා ධර්ම සාකච්ජා හා බෝධි පූජා පිංකම් සංවිධානය කර තිබුණි.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top