අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබාදීම 
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ අඩු ආදායම්ලාභී වකුගඩු රොගීන් සඳහා ජල පෙරණ ලබාදෙීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.19 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් 90 දෙනෙකු සදහා ජල පෙරණ ලබාදීම සිදුවිය.
'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන සිදුකරන ලද වැඩසටහන
ත්‍රිපිටකාභිවන්දනා සතියේ හතරවන දිනය සනිටුහන් කරමින් 2019.03.19 වන අද දින රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන සිදුකරන වැඩසටහන ඔයාමඩුව රජරට ප්‍රජා කේන්ද්‍රය පදනම් කරගෙන පවත්වන ලදී. එම අවස්ථාව සඳහා කිඹුල්වැව ශ්‍රී ධර්මවර්ධනාරාමයේ පූජ්‍ය කළුවච්චිමුල්ලේ සාරානන්ද හිමි වැඩමකර ත්‍රිපිටකය පිළිබඳව ධර්ම දේශනාවක් පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා රජරට ප්‍රජා කේන්ද්‍රයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් සහභාගි වූහ.
'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පාසල් හා පිරිවෙන් පදනම් කරගෙන සිදුකරන ලද වැඩසටහන

ත්‍රිපිටකාභිවන්දනා සතියේ තෙවන දිනය සනිටුහන් කරමින් 2019.03.18 වන අද දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හා පිරිවෙන් පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේ දී පිරිවෙන් අධ්‍යාපනයේ නියුතු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ පාසල් දරුවන් ත්‍රිපිටකය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ධර්ම දේශණා වැඩසටහනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා , පාසල් වල ගුරුභවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූහ.















